
පාරම්පරික ඥාණය විදු ඇසින් කලතා සත්‍ය අතැඹුලක් සේ ලොවට දායාද කිරීම අන්තරීක්ෂ විද්‍යා ගවේෂණායතනයේ ඒකායන අරමුණයි. මෙම අරමුණ සාක්ෂාත් කරණු පිණිස ඔබගේ ජ්‍යෝතිෂ්‍ය අවශ්‍යතා වෙනුවෙන් නැකත්.lk වෙබ් අඩවිය ඇරඹූ වග සතුටින් දන්වා සිටින්නෙමු. සාම්ප්‍රදායික ජ්‍යෝතිෂයෙන් ඔබ්බට ගොස් මේ විෂය විද්‍යාත්මකව ගවේෂණය කරනවා පමණක් නොව සිව්හෙළයට පමණක් ආවේණික වු උමා ජ්‍යෝතිෂයේ පදනම ගැඹුරින් අධ්‍යයනය කොට එහි අනගි පල ලෝවැසියාට ලබා දීම අප ආයතනයේ අරමුණයි.
ඔබට අවැසි සියලු ම නැකැත්, පලාපල ආදී ජ්‍යෝතීෂ්‍ය සේවාවන් මෙම ආයතනයෙන් කාර්යක්ෂමව හා විශ්වාසවන්ත ලෙස ලබාගත හැක.ඊට අමතරව පාරම්පරික ඥාණය විද්‍යාත්මකව විමසා බැලෙන අධ්‍යයන කේන්ද්‍රයක් ලෙස ඔබට මෙම වෙබ් අඩවිය භාවිතා කළ හැකි බවත් සමාජ විද්‍යාත්මක,රසායන විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක දෘෂ්ඨීන්ගෙන් මෙකී ගුප්ත විෂයන් හැදැරිය හැකි බවත් දන්වා සිටිමු.මිත්‍යාවෙන් තොර වු සත්‍යය ගවේෂණයන් සදහා පමණක් මෙම වෙබ් අඩවිය ඔබට විවෘත බැව් කරණාවෙන් සළකනු මැනවි.
සොබාදහම් විද්‍යා ගවේෂණායතනය
අන්තරීක්ෂ විද්‍යාව යනු විශ්වය තුල පවත්නා නානා විධ ශක්ති ප්‍රභවයන් අධ්‍යනය කරන්නා වු මා හැගි විෂය පද්ධතියකි. අදට වඩා මේ ශක්තීන් අධ්‍යනය කරන්නටත් ,ඒ පිළිබදව පර්යේෂණ ලෝකයාට දායාද කරන්නටත් පැරැණ්නෝ සමත් වුහ. අප ආයතනය විසින් සිදුකරනු ලබන්නේ විශ්ව ශක්තිය පිළිබද එකි පැරණි විෂය නූතන විද්‍යාත්මකව අධ්‍යනය කිරීමයි.
කල් යල් බලා මේ ශක්තියෙන් වැඩ ගත් ඔවූහු ලෝකයට විස්මිත අනාවරණයන් සහ විපුල ඵල දායාද කළහ. අදටත් මෙයින් වැඩ ගන්නෝ සිටිති. එහෙත් අවාසනාවට පුරාණ අන්තරීක්ෂ විද්‍යාව අද මිත්‍යාවෙන් සහ මුළා විජ්ජාවන්ගෙන් වෙළී විනාශ වී යනු දක්නට තිබේ. අන්තරීක්ෂය පිළිබදව අදටත් විද්‍යාඥයෝ විවිධ පර්යේෂණ කරති. ඒ සඳහා ඔවුහු භෞතිකමය සාධක උපයෝගි කර ගනී. විශ්ව ශක්තිය විවිධ රසායනික සංයුතීන්ගෙන් යුක්ත වන අතර ඒවා පිළිබදව වරින් වර විද්‍යාඥයන් විසින් පර්යේෂණ හා නිගමන ලෝකයාගේ දැණුම පිණිස ලබා දෙයි. විශේෂයනේම තාරකා විද්‍යාව මේ අතර ප්‍රධාන තැනක් ගනී. පැරැන්නෝද මෙකී ශක්තීන් මාන ලෙස අවබෝධ කොටගත් බවක් සාධක සහිතව පෙනෙන්නට තිබේ. පුරාණ අන්තරීක්ෂ විද්‍යාව නොහොත් විශ්ව ශක්තිය විසින් විෂයන් ගණනාවක් අද වන විට ලොවට බිහි කර ඇත. ඒ අතර ජ්‍යෝතිෂ විද්‍යාව මුල් තැන ගනී. ඊට අමතරව ගුප්ත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාව, ජීව විද්‍යාව, ශබ්ද විද්‍යාව, සොබා දහම් කෘෂි විද්‍යාව, අනාවැකි හා තත්කාලීන නිමිති විද්‍යාව, වාස්තු විද්‍යාව, භූත විද්‍යාව, ශාන්තිකර්ම විද්‍යාව, ආයුර්වේදය, ජ්‍යෝතිෂ්‍යායුර්වේදය මින් සමහරකි. මෙකි විෂයන් හැදෑරිය යුත්තේ භෞතික හා ආධ්‍යාත්මික යන දෙයංශයෙනි.
මේ සියලු විෂයන් වලට විද්‍යාත්මක පදනමක් ඇති බැව් අප විසින් කළ ගවේෂණ තුළින් තහවුරු වී ඇත. විශ්ව ශක්තිය මනා ලෙස යොදා ගනිමින් පුරාතන මිනිසා අධ්‍යාත්මික සහ භෞතික දියුණුව වර්ධනය කර ගත්තේය.ඒ තුළින් ඔහු ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා සමසේ ලබමින් සොබා දහමට අනුගත අභිමානවත් ජීවිතයක් ගත කරන්නේ කෙසේදැයි දැන සිටියේය. විශ්වයේ පවතින විවිධ රසායනික සංයුතීන් කාලය හා අවකාශය තුළ වරින් වර වෙනස් වන අයුරුත් එය ජීවයට සහ සමස්ත ලෝකයට බලපාන අයුරුත් පැරැන්ණෝ තම අත්දැකීමෙන් දත්හ. එය ඔවුන්ගේ බහුශ්‍රැතභාවය තුළින් නිරන්තරයෙන් ලොවට විද්‍යාමාන කරවීය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහත විෂයන් බිහි වී අදත් ලෝකය තුළ ජීවමානව පවතී. නූතන විදු ඇසින් නොපෙනෙන විශ්වය පැරැන්ණෝ තම අධ්‍යාත්මික දියුණුව තුළින් දුටහ. බුද්ධ විෂය, ලෝක විෂය, කර්ම විෂය වැනි අපිරිමිත විෂය පථයන් කිසි කලක උගෙන නිම කළ නොහේ. එය විද්‍යාවෙන් පවා ගවේෂණය කළ හැක්කේ සීමිත දුරකට පමණි. එදා බුදුන් වහන්සේ තම බුදු නැණින් දුටු විශ්වය නූතන විද්‍යාව තවම සොයාගෙන නැත. එනමුදු නූතන විද්‍යාව මෙතෙක් සොයාගෙන ඇති දෑ බුදුන් වහන්සේ විසින් පෙර වදාරණ ලද දේමැයි. වෙනසකට ඇත්තේ වචනාර්ථයන්ගේ පමණි. බුද්ධ යුගයට පෙරත් ඉන් පසුත් නානාවිධ ආගමික ශාස්තෘවරුන්, අධ්‍යාත්මවේදී සෘෂිවරුන් විසින් මෙකී විශ්වයත් එහි ශක්ති ප්‍රභවයත් ලෝකයාගේ දැන ගැනීම පිණිස විවරණය කරන ලදි. ඒ තුළින් යථෝක්ත විෂය පථයන් බිහිවුණු බව අපට සිතිය හැක. අතීතයෙන් ආ පමණින් මේ විෂයන්ගේ ඇතැම් අන්තර්ගතයන් අන්ධ භක්තියෙන් ගැනීම බුද්ධිගෝචර නොවේ. මන්දයත් අපට අවැසි වන්නේ තවදුරටත් මිත්‍යාව සමාජගත කොට ඔබ මුලාවට පත් කිරීම නොවේ. සත්‍යය විද්‍යාත්මකව පහදා දීම පමණකි අපගේ ඒකායන අපේක්ෂාව හා අභිමතාර්ථය. භෞතිකවාදියෝ ජ්‍යෝතිෂය ඇතුළු අනෙකුත් ගුප්ත විෂයන් මිත්‍යාවකැයි බැහැර කරති. තවත් පිරිසක් මේ විෂයන් පරම සත්‍යය යැයි අන්ධ භක්තියෙන් වැළඳ ගනිති. නමුත් අප ආයතනය මේ දෘෂ්ඨීන් ද්විත්වයටම ගැති නොවේ. ඉහත දෙපිරිසම අන්ත දෙකක ගමන් ගන්නෝය. අප සිදු කරන්නේ මේ දෘෂ්ඨීන් දෙකෙන්ම බැහැරව මේ විෂයන්ගේ විද්‍යාත්මක සත්‍යය ගවේෂණය කිරීම පමණකි. අතීතයේදී මේ විෂයන් නියම විද්‍යානුකූල පසුබිමක ප්‍රගමනය විය. නමුත් වර්තමානය වන විට මේ විෂයන් යොදා ගනිමින් ඇතැම් දෙනා සමාජය ම මුළා කරනු පෙනේ. මේ නිසා සිදුව ඇත්තේ ජ්‍යෝතිෂය ඇතුළු සියලු විෂයන් මිත්‍යාව විසින් ගිල ගැනීම පමණි. යමෙක් යම් දෘෂ්ඨියක දැඩි ලෙස එල්බ ගත් විට ඔහුට පෙනෙනුයේ ඔහු දකින දෘෂ්ඨිපතය පමණි. යතාර්ථය කිසි විටක ඔහු අත්දකින්නේ නැත. අපට අවැසි වන්නේ මධ්‍යස්ථ මතධාරී යතාර්ථවාදීන් පිරිසක් බිහි කිරීමයි. එසේ හෙයින් මේ මහැඟි විෂයන් තර්ක බුද්ධියෙන් හා අවිචාරශීලීව බැහැර නොකරන ලෙසත් අන්ධ භක්තියෙන් වැළඳ නොගන්නා ලෙසත් අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.
ලිපිනය : පුරාණ අන්තරීක්ෂ විද්‍යා ගවේෂණායතනය, ආනන්ද මෛත්‍රිය මාවත, උඩුමුල්ල, බළන්ගොඩ
![]() |
සොබාදහම් විද්‍යා ගවේෂක ශාස්ත්‍රපති උපුල් එස්. දොඹේපොල මහතා අනන්ද මෛත්‍රිය මාවත, උඩුමුල්ල, බළන්ගොඩ. |
විමසීම් :071-9497975 / 076-5397975 / 071-9797975
