ආයුර්වේද කටයුතු සඳහා නැකත්
නීරෝගීකම නැමති උතුම් ලාභය ලබා දීම පිණිස සිදු කරනු ලබන වෙද හෙදකම් ආවාට ගියාට සිදු කිරීම අපේ හෙළ සම්ප්රදාය නොවේ. ගසකින් ඖෂධයක් ලබා ගැනීමේ සිට රෝගියාට එය සකසා ලබා දීම දක්වා වූ කුදු මහත් කටයුතු සියල්ල ම පාහේ සිදු කරනු ලබන්නේ සුබ නැකත් වේලාවන්ට අනුවය. නැකතේ බලවත් කමත් ඖෂධයේ ගුණයත් රෝගියා සුවපත් වීම කෙරෙහි සෘජු ලෙසම බලපායි. ඒ ඒ නැකත් වේලාවට ඒ ඒ ඖෂධයේ ගුණයන් බලවත් වන බව ආයුර්වේද වෛද්‍යවරයා සොබාදම් විද්‍යාවට අනුව දනී. අනෙක් පසින් රෝගියාටත් දීර්ඝ කාලීන ප්‍රතිකාර සඳහා යොමු වීමේදී නැකැත් බැලීම වැදගත් වේ. පහත කුලක සටහන මගින් රෝගියෙකුගේ සුවපත් භාවය කෙරෙහි නැකත කොතරම් දුරට බලපාන්නේ ද යන්න ඔබට වැටහෙනු ඇත. සියලු ආයුර්වේදීය නැකත් අප ආයතනය මගින් ඔබට සපයනු ඇත. එසේම ඔබ උපන් ලග්නය අනුව ඔබට වැළදෙන රෝගී තත්වයන් කල්තියා අප ආයතනයෙන් පරික්ෂා කරවාගත හැක. ඒ සඳහා ඔබේ උපන් වර්ෂය, මාසය, දිනය, වේලාව හා උපන් ප්‍රදේශය අප වෙත යොමු කරන්න.
ගාස්තුව රු. 500.00