ගොවිතැනට නැකැත් බලන්නේ ඇයි?
කල්යල් බලා ගොවිතැන් කරමින් ඉරෙන් හඳෙන් වැඩ ගත් අභිමානවත් ජාතියකි අපි. ඉර හඳ ග්‍රහ තාරකා කේන්ද්‍ර කොට ගත් මේ විශ්ව ශක්තිය මනා ලෙස ගොවිතැනට යොදා ගන්නා අයුරු ආදිකාලීන මිනිසා දැන සිටියේ ය. එසේ දැන රසායනික වසවිසෙන් තොර සොබාදම් ගොවිතැන් ක්‍රමයක් ඔවුහු නිරන්තරයෙන් අනුගමනය කළහ. මෙය පුරාණ අන්තරීක්ෂ විද්‍යා ගොවිතැන නොහොත් සොබාදහම් ගොවිතැන ලෙස හඳුන්වා දීමට පුළුවන. එය විද්‍යාත්මක ය, සෞඛ්‍යය සම්පන්න ය, පරිසර හිතකාමී ය. නමුත් රටේ අවාසනාවට අද මේ සියල්ල වැළලී ගොස් ය. එහෙත් ඔබ ප්‍රමාද නැත. අප ආයතනය තුළින් ඒ ආදිකාලීන ගොවිතැන් ක්‍රමයට අදාළ සියලු ක්‍රම ශිල්ප ලබා දෙන්නෙමු. ඔබ කළ යුතුව ඇත්තේ එය අනුගමනය කොට නිසි ඵල ලබා ගැනීමයි. විශ්ව ශක්තිය ගොවිබිමට කේන්ද්‍ර කොට ගනිමින් සකසන මේ නැකැත් අනුගමනය කිරීමෙන් වඩාත් හොඳ පළදාවක් ලබා ගැනීම, වැට බැඳීමකින් තොරව අස්වනු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ආදී වාසි බොහොමයක් ඔබට අත්විඳීමට පුළුවන. එසේම ඒ ඒ භෝගයන්ට අදාළව විශේෂයෙන් සැකසූ නැකැත් අප සතුව ඇති බව සතුටින් දන්වමු. එසේම මේ ගොවිතැන් ක්‍රමය පිළිබඳව පොතපත, විශේෂඥ දැනුම, සම්පත් පුද්ගලයන් සම්බන්ධීකරණය වැනි පහසුකම් ඔබට සලසා දෙන්නෙමු. මේ අයුරින් ගොවිතැන්බත් කරන්නේ නම් වර්තමානයේ ඇති වී තිබෙන පරිසර ව්‍යසනයන්, වකුගඩු රෝග ආදී වසංගත වළකිනු ඇත.
දිනය, නැකත, කරණය, තිථිය, යෝගය, දිශාව ආදී කරුණු පදනම් කොට ඉතා නිවැරදි වූද ඵල සහිත වූද නැකැත් සාදා ඔබවෙත ලබා දීමට අප කටයුතු යොදා ඇත. මේ සේවාවන් හුදෙක් ඔබව මුළා කරමින් මූල්‍යමය පරමාර්ථ මත සිදු නොවන්නක් බැව් විශේෂයෙන් දන්වමු. අපේ අරමුණ වන්නේ වසවිසෙන් තොර නිරවද්‍ය වු සොබාදහම් ගොවිතැනින් රටත් ජාතියත් සුරක්ෂිත කොට පෝෂණය කිරීමට මං සැලසීමයි.
එක් නැකැතක් සඳහා ගාස්තුව රු. 1000.00