ජිවිත පලාපල අපිට වැදගත් වන්නේ ඇයි?
“නානත්ථ කායා නානත්ථ සංඥා” ඔබත් මමත් විවිධ කාය ස්වරූප ඇති විවිධ සිතුවිලි ඇති කර්මය සහ සොබාදහමේ නියමය දායාද කොට උපන්නෝ වෙමු. ඒකී කර්ම ශක්තිය පිළිබඳ උපතේ සිට මරණය දක්වා දත හැකි එක ම ක්‍රමවේදය ජ්‍යොතිෂයයි. ඒ බව කදිමට ඔබේ හඳහනේ ස්ථාන දොළස තුළ පිහිටි ග්‍රහයින් අපිට කියාපායි.ජ්‍යොතිෂ්‍යය අඳුරේ යන්නෙකුට අනාගතය පෙන්වන ආලෝකයක් බඳු ය. ඒ නිසා කල් ඇතිව ඔබේ අනාගතයට බලපාන විශ්ව ශක්තිය ගැන දත හැකි එකම ක්‍රමවේදය මෙය වේ. එය දැන ගැනීමෙන් ඔබට, ඔබේ කර්ම ශක්ති පවා වෙනස් කර ගත හැකි ය. ඔබේ අනාගතය වඩා ඵලදායී ලෙස සැළසුම් කර ගත හැකි ය. ජිවිත පලාපල තුළින් ඔබට දැන ගැනීමට හැකි කරුණු කීපයක් පහත දැක්වේ.
1. පළමු භාවය (කොටුව) – ඔබේ චරිතය, ගතිගුණ, ඥාන ශක්තිය, මානසික ශක්තිය, ජයග්‍රහණ ආදිය, හිස මුහුණෙන් උඩ කොටස්
2. දෙවන භාවය (කොටුව) – ඔබේ පවුල් පසුබිම, ධනය, උරුම හිමිකම්, ඉතිරි කිරීම, සියලු දේපල, කථිකත්වය ආදිය
3. තෙවන භාවය (කොටුව) – ආත්මභාවය, වීර්යය, ධෛර්යය, සිතේ බලය, සහජ හැකියාව, දකුණු ඇස, මුහුණ, නාසය, අඹුදරුවන්, දෙවැනි විවාහය
4. සිව්වන භාවය (කොටුව) – කරන කියන දේ පළදීම, නිවාස, වාහන, ඉඩකඩම්, භුමි ලාභ, මැණික්, නිධාන, ධන ලාභ, ආදී සියලු ලැබීම්, මළගිය ඥාතීන්ගේ බැල්ම වැටීම, මව සහ මවගේ නෑදෑයන් ගැන, ඔබේ හෘදය හා එහි රෝගී නිරෝගී බව
5.පස්වන භාවය (කොටුව) – ඔබේ අධ්‍යාපන මට්ටම, දුර දක්නා නුවණ, සිතේ ස්වාභාවය, ප්‍රීතිය හා සතුට, ආදරය, ප්‍රේම සබඳතා, දරුවන් පිළිසිඳ ගැනීම, දරුවන් ලැබීමේ ශක්තිය, සහකරු හෝ සහකාරියගේ වාසනා ශක්තිය, සමාජ සේවා කටයුතු, තරග විභාග, ක්‍රීඩා, ඔට්ටු ඇල්ලීම්, ණය ගැනීම්, ආපසු ගෙවීම් ආදියේ පලාපල, ඔබේ උදරය, පෙකනිය ආදී ස්ථාන ගැන කිය වේ.
6. හයවන භාවය (කොටුව) – ඔබට වැළෙඳෙන සියලුම රෝග තත්ත්වයන් (කායික හා මානසික), එසේම සතුරු බලවේග, අහිතකර කෑම, ඇස්වහ කටවහ දෝෂ, ප්‍රතිශක්තිය, සේවකයන්, සුරතල් සතුන්, ජය පැරදුම්, යටි බඩ, උකුල, දෙඇළ ආදී ස්ථාන ගැන දත හැකි ය.
7. සත්වන භාවය (කොටුව) – ඔබේ විවාහය, කාම ආශාව, ප්‍රජනන ශක්තිය, සහකරු/ සහකාරිය ගැන, හවුල් ව්‍යාපාර, ප්‍රජනන පද්ධතිය (ස්ත්‍රී/පුරුෂ), වකුගඩු, මුත්‍රාශය ආදී දේ ගැන දත හැකි ය.
8. අටවන භාවය (කොටුව) – ඔබට පැමිණෙන බාධක, ආයුෂ, මරණය සිදු වන අයුරු, මරණයට හේතුව, මරණයේ ස්වභාවය, හදීසි අනතුරු ආදිය. රෝග පීඩා, මවට/පියාට තිබූ රෝග, නිධන් වස්තු, ගුදය මළ බොක්ක, අර්ශස්, ආහාර ජීර්ණ පද්ධතිය වැනි දේ ගැන දත හැකි ය.
9. නව වැනි භාවය (කොටුව) – ඔබේ පෙර පිං බලය, ආගමික භක්තිය, පින් දහම් කිරීම, දේව භක්තිය, වන්දනා ගමන් බිමන්, පූජා, භාරහාර, කල්‍යාණ මිත්‍ර සේවනය, උසස් අධ්‍යාපනය, ඔබ කරන පර්යේෂණ, ගවේෂණ, විමර්ෂණ, නිර්මාණ සංකල්පය, ගැඹුරු පොත පත ආදිය දත හැක. එසේ ම භූත බලවේග, දේව බලවේග, රාජ්‍ය අනුග්‍රහය ආදී දේ ඔබට බලපාන අයුරු දත හැක. තව ද ශරීරයේ කළවා ආශ්‍රිතව තොරතුරු දත හැක. අධ්‍යාපනික ජීවිතය, සංසාර ගමනින් එතෙර වීම හෝ උසස් පහත් වන ජීවිත ලැබීම්.
10.දස වන භාවය (කොටුව) – මෙය ඔබේ කර්මස්ථානයයි. ඔබට ලැබෙන රැකියාව, තනතුරු ලාභ, නිලතල, උසස් වීම්, ජනප්‍රියත්වය, නම්බුව, රාජ්‍ය සම්මාන, වෙළඳ ව්‍යාපාර, ආගමික ව්‍යාපාර, ගෞරවය, කිර්තිය ආදිය දත හැක. එසේම දණහිස හා දෙකකුල් ගැන ද කියැවේ.
11.එකළොස් වන භාවය (කොටුව) – ඔබට ධනය ලැබීම, ඔබේ ප්‍රාර්ථනා, සිහින ඉටු වීම, සියලු ණය, සමෘද්ධිය, රැකියාවෙන් ව්‍යාපාරයෙන් ලබන ලාභ, ඵලදාව, මිතුරන් ලැබීම, ආදරය කරුණාව ලැබීම ආදී සියලු ලැබීම් ගැන දත හැක. එසේ ම වළලුකර විලුඹ ආදී ස්ථාන ගැන පෙන්නුම් කරයි.
12.දොළොස්වන භාවය (කොටුව) – මෙය ඔබේ ජන්ම පත්‍රයේ අවසාන භාවයයි. මෙයින් පෙන්නුම් කරන්නේ ඔබට ජීවිතය තුළ අත් වන සියලු අහිමි විම් හා වැය වීම් ය. එසේ ම අනිත්‍යතාව, විනාශ වීම, ලෝක ධර්මතාව මින් දත හැකි ය. එසේ ම ඔබ තුළ පවතින අතිමානය, හීනමානය, චිත්ත වේදනා, කායික වේදනා, නින්ද නොයාම, විවාහය බිඳ වැටීම, සල්ලාල කම, පිටරට සංචාර, වැටීම්, තැලීම්, තුවාල වීම්, ශල්‍යකර්ම ගැන දත හැක. එසේ ම ඔබ රෝහල් ගත වීම, බන්ධනාගාර ගත වීම, ඔබට සිටින රහස් සතුරන් ගැන පෙන්නුම් කරයි.
ඉහතින් දැක්වූයේ සංක්ෂිප්ත කරුණු කිහිපයක් පමණි. තව බොහෝ දේ ඔබට දත හැකි ය. මේ හඳුන්වා දීම තුළින් ජීවිත පලාපල අපට වැදගත් වන්නේ ඇයි දැයි ඔබට හැඟෙනු ඇත.
සම්පුර්ණ ජීවිත පලාපල සඳහා ගාස්තුව රු. 4000.00