දරුවාට ඉඳුල් දිමේ නැකැත්
මෙය චිරහත් කාලයක සිට පවතින චාරිත්‍ර ධර්මයකි. නමුත් මෙහි ජීව විද්‍යාත්මක හරයක්ද ගැබ් වී ඇත. භවයෙන් භවය යන මේ සංසාර ගමනේදී අලුත උපන් බිළිඳා විශ්වයට නව ජීවයකි. එසේ හෙයින් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන මනුෂ්‍යාට උවමනා ගුණයන් එම දරුවාට ලැබ ගන්නට ශක්තිය දෙන්නේ ආහාරය විසිනි. කය පවත්වා ගැනීමේ මූලික පොදු සාධකය වන්නේ ආහාරයයි. එසේ හෙයින් විශ්ව ශක්තිය හෙවත් අන්තරීක්ෂ බලය සුභදායී ලෙස දරුවාට යෙදෙන මොහොතක ආහාර පිළිගැන්වීම සිදු කරයි. මේ ඉඳුල් කට ගෑමේ නැකත ජිවයේ පැවැත්ම හා විශ්වයට අනුගත වීම සංකේතවත් කරයි. ඒ තුළින් දරුවාගේ පංච බලය වර්ධනය වී ශරීර සෞඛ්‍යය යහපත්වේ. මේ නිසා දරුවා ඉපදි සත් මසකින් නව මසකින් හෝ එකොළොස් මසකින් බුධ, ගුරු, සිකුරු යන දිනක සුභ නැකතින් ඉඳුල් කට ගෑම හෙවත් ආහාර දීම සිදු කරනු ලබයි. දරුවාට ඉඳුල් දීමේ නැකැත් බොහෝ ප්‍රවේසමෙන් සෑදිය යුතු බැව් පුරාණ පොත පතෙහි සඳහන් වේ. මේ මාහැඟි සේවාව ඔබට අප ආයතනය තුළින් ලද හැකි වේ.
ගාස්තු රු. 500.00