දශා පලාපල ඔබට වැදගත් වන්නේ ඇයි?
ඔබ උපන් නැකත අනුව ඒ ඒ කාල සීමාවන්වල දී විවිධ දශා අන්තර් දශා උදා වී ගෙවී යයි. ඒ කාල පරාසයන් තුළදී විශ්ව ශක්තිය(සොබාදහම) ඔබට යහපත් හා අයහපත් ලෙස බලපානු ඇත.එය දැන ගත හැක්කේ,ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙනි. එය කල්තියා දැන ගැනීමෙන් ඉදිරියේ එළඹෙන අයහපත් ප්‍රතිඵල සඳහා ප්රතිකර්මයන් කර ගැනීමටත් අපලවලින් මිදීමටත් ඔබට හැකි වනු ඇත. එසේ ම සුභ කාලයක් නම් එහි යහපත් ප්‍රතිඵල වැඩි දියුණු කර ගැනීමට කළ යුතු පිළිවෙත් අප ඔබට නියම කරනු ලැබේ. කර්මපල වෙනස් කරන්නට නම් දශාපල කල්තියා දැන ගත යුතු වේ. හෙට දිනයේ වර්ෂාවක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එවිට ඔබ ගමනක් යන විට එයට සූදානම් වී කුඩයක් ගෙන යාම සිදු කරයි.මෙය දශාපල දැන ගැනීමේ වැදගත්කමට සරල උදාහරණයකි. තව ද ඔබ අඳුරේ ගමනක යෙදෙනවා යැයි සිතන්න. මේ ගමනේ දී ඔබට තැනිතලා සුමට මංමාවත් සේම කඳුහෙල්, ගිරිදුර්ග,විෂගෝර සතුන්, කටු සහිත වන ලැහැබ හමුවනවා ඇත. නමුත් මේ සියල්ලම අත්දකින්නට අඳුර නිසා ඔබට නොහැකි වනවා ඇත. දශා පලාපල පරික්ෂාවෙන් සිදු කරන්නේ ඔබේ ජීවිත අඳුරට ආලෝකයක් ලබා දීමයි. එවිට ඔබ අනාගතයේ පැමිණෙන දුක් කරදර සේම, සතුට සැපත ද කල්තියා දැන හඳුනා ගන්නවා ඇත. ඔබේ සොඳුරු දිවිය ශක්තිමත් කර ගැනීමට අපි සහය වන්නෙමු.දශා පලාපල පරීක්ෂා කිරීම සඳහා ඔබ උපන් වර්ෂය,මාසය,දිනය,
වේලාව සහ ප්‍රදේශය ලබා දෙන්න.
ගාස්තුව රු. 1500.00