ගෙයක් හදන හොඳම නැකත
මිනිස් අවශ්‍යතා අතරින් නිවාසයක හිමිකම ප්‍රධාන වේ. හිතට නිවනක් හිසට වහලක් නැති මිනිසුන් කෝටි සංඛ්‍යාත පිරිසක් ලෝකය තුළ ජීවත් වෙද්දී, ඔබට නිවසක් හිමි වූයේ පෙර පුණ්‍ය මහිමය නිසාම බැව් සිතීම සදොස් නොවේ. මේ වස්තු ලාභයෙන් නිසි ඵල ලබන්නට නම්, ඔබේ නිවස නිවැරදි ලෙස ඉදිකරන්නට වග බලා ගත යුතු වේ. නිවසකට සුදුසු භූමියක් තේරීමේ සිට නිවසක් තනා එහි පදිංචියට යාම දක්වා ඒ අතර වූ විශේෂ සෑම අවස්ථාවකදී ම නැකැත් බලා කටයුතු කිරීම ද දෝෂ මඟහැර ගැනීම ද ඉතා වැදගත්වේ. ඒ තුළින් විශ්ව ශක්තියත් භාග්‍යයත් ඔබ කරා පැමිණෙනු ඇත. ඔබ වෙසෙන නිවහන සුර විමනක් කරන්නටත් අපායක් බවට පත් කරන්නටත් කරන්නටත් වාස්තු විද්‍යාවට හා නැකතට හැකි බැව් ඔබ දන්නවා ද?ලෝකයේ සෑම රටකම එකී රටට ආවේණික වාස්තු විද්‍යා න්‍යායක් පවතී.අතීතයේ පැවතිය ද වර්තමානය වන විට ශ්‍රී ලංකාවට ආවේණික වාස්තු ශිල්පය යටපත් වී ගොසිනි.පර දේශයන්ගෙන් සොරා ගත් වාස්තු ශිල්පීය ක්‍රම මෙරට ස්ථාපනය කරන්නට යාමෙන් අත් වූ ප්‍රතිඵලය අතිශ්‍යයින් ම හානිදායක ය.පරම්පරා දෙක තුනක් ගත වුව ද අපේ රටේ නිවසක වැඩ අවසන් වන්නේ නැත.එයට ප්‍රධාන හේතුව දොෂ් සහිත වීමයි. එම නිසා ම ඔබේ යහපත පිණිස විද්‍යාත්මක පදනමක් මත වාස්තු දෝෂ පරීක්ෂා කිරීම අප ආයතනය විසින් සිදු කරයි. ඔබේ නිවස ඉදිකිරීම සඳහා ඇවැසි නැකැත් සියල්ල අප ආයතනය විසින් සම්පාදනය කරයි. ඒ තුළින් ඔබේත් නිවැසියන්ගේත් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා රක්ෂා වෙනු ඇත;වර්ධනය වෙනු ඇත. මිත්‍යාවන් පසු පස ගොස් මං මුළා වූ ඔබට විද්‍යාත්මකව මෙම කරුණු පහදා දීමට අපි බැඳී සිටින්නෙමු. ඔබේ නිවස ඉදිකර දීමේ දී මුදල්, සිවිල් ඉංජිනේරුවරුන්, වාස්තු විද්‍යාඥයින්, සැපයුම් ශිල්පීන්, වඩු කාර්මිකයින්, පෙදරේරුවන් වැනි සියලු දෙනා සිටියත් නිවැරදි ලෙස නැකැත් බලා,සුභ මුහුර්ථයෙන් වැඩ නොකළොත් ඔබට අත් විය හැකි දෝෂ ගණනාවකි.එම දෝෂ පිළිබඳව මූලික දැනුමට අමතරව අප ආයතනයෙන් ඔබට පහත සඳහන් සේවාවන් ලබා ගත හැක.
01. නිවසකට සුදුසු බිමක් තෝරා ගැනීමට අදාළ උපදෙස් හා නැකැත්
02. විවිධ භූමි ලක්ෂණ හා ඒවායේ ශුභ අශුභ පිළිබඳ උපදෙස්
03. පස/ බ්රහ්මවේධාදී දෝෂ පිළිබඳ උපදෙස්
04. රාහු චක්‍රය හා වාස්තු ග්‍රහ චක්‍රය හඳුන්වා දීම
05. නිවාස වර්ගීකරණය පිළිබඳ උපදෙස්
06. ඔබේ උපන් ලග්නයට අනුව සුදුසු නිවාස වර්ගය තෝරා දීම (අය/ වැය ගණනය)
07. ඒ ඒ කාමර පිහිටිය යුතු දිශා විද්‍යානුකූලව පහදා දීම
08. උළුවහු, ජනෙල් පිහිටිය යුතු තැන් හා දිශාවන්
10. වහලයේ/අත්තිවාරමේ දෝෂ ඉවත් කිරීම පිළිබඳ උපදෙස්
09. අත්තිවාරම කැපීමේ සිට නිවසට පදිංචි වීම දක්වා සියලු නැකැත්
(එක් නැකත් සඳහා සේවා ගාස්තුව රු.1000 .00)