පොරොන්දම් පරීක්ෂාව
පොරොන්දම් පරික්ෂාව හුදු ජිව විද්‍යාත්මක වූද මනෝවිද්‍යාත්මක වූද ක්රමවේදයකි. ඕනෑ ම අයෙකු තම දෙමාපියන් සමඟ එකට වාසය කරන්නේ සීමිත කාලයකි. නමුත් විවාහයකදී නව සහකරු හෝ සහකාරිය සමඟ ඔහු වැඩි කාලයක් ගත කරයි. එය ජීවිතයේ ගිහියන් ලබන සුවිශේෂිත සබැඳියාවකි. කායික හා මානසික බැඳීම කෙසේදැයි පොරොන්දම් පරික්ෂා කිරීමෙන් උරඟා බලයි. සත්‍යය ලෙස ම මෙය නූතන මනෝ විද්‍යාව හා කායික විද්‍යාව තුළින් පර්යේෂණය කළ යුතුව ඇත. ඒ තරමටම පොරොන්දම් පරික්ෂාව විද්‍යාත්මක සත්‍යක් බැව් පෙනී ගොස් ඇත. සමහරක් රසායනික ද්‍රව්‍ය එකට එකතු වන බවත් සමහරක් ඒවා එකට එකතුව කලකින් වෙන් වීම හෝ ප්‍රසාරණය වීම සිදු වන බවත් සමහරක් රසායනික ද්‍රව්‍ය කිසි සේත්ම එකතු නොවන බවත් අප සාමාන්‍ය දැනීමෙන් දනී.
” යා දෙක රත නොරත සමඟ පෑහීමක් නැත” කියන්නාක් මෙන් පොරොන්දම් නිසි ලෙස නොසීහෙන විවාහ වැඩි කල් පවතින්නේ නැති බව අප බොහෝ දෙනෙක් අත්දැකීමෙන් දන්නා කරුණකි. එය විද්‍යාත්මක සත්‍යයකි. මැරෙන තුරාවට දුක සැප බෙදා අත්වැල් බැඳ දිගු ගමනක් යාමට සැරසෙන ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පොරොන්දම් බැලීම අත්‍යාවශ්‍ය බැව් සිහිපත් කරන්නෙමු. ඒ තුළින් දෙදෙනාගේ ආකර්ෂණය, ලිංගික ආස්වාදය, ප්‍රජනන හැකියාව, ශාරීරික ශක්තිය, කායික හා මානසික ගැළපීම, දරුවන් ලැබීම හා නොලැබීම, පිළිසිද ගන්නා දින, දෙදෙනාගේම දියුණුවට බලපාන යහපත- අයහපත, සමගිය හා පැවැත්ම හඳුනා ගත හැකි ය. බොහෝ දෙනා සිදු කරන්නේ විසි පොරොන්දම් බැලීම පමණි. නමුත් අප ආයතනයෙන් ඔබට ක්‍රමවේද කිහිපයක් ඔස්සේ පොරොන්දම් පරීක්ෂා කොට විද්‍යාත්මක නිගමන ඔස්සේ වාසනාවන්ත විවාහයකට ඇතුළත් වීමට අවස්ථාව උදාකර දී ඇත.
ගාස්තුව රු. 2000.00