වෙළඳ ව්‍යාපාර ඇරඹීම සඳහා නැකැත්
ඔබේ ජීවන ගමන ධනයෙන් සමෘද්ධිමත් කරන ඔබේ වෙළඳ ව්‍යාපාරය සුබ මූහුර්ථියෙන් ඇරඹීම අතිශයින් වැදගත් වේ. ඔබේ නැකතට අනුව එය අරඹමින් ඔබේ නැකතට අනුව ජය හා වාසනාව ලැබෙන වර්ගඵලයකින් දැන්වීම් පුවරුව දැමීම මඟින් උසස් ජීවන තත්වයක් ඔබට හිමි වන බව ඒකාන්ත ය. ආවාට ගියාට සිදු කරන වෙළද ව්‍යාපාර ඇතැම් විට ඇරඹුමට කලින් නැති වන සැටිත් සමහර අවස්ථාවල දී අහස උසට නැගි ව්‍යාපාර මහ පොළවට සමතලා වන සැටිත් ඔබ දැක ඇත. මුදල් තිබූ පමණින් ව්‍යාපාර සාර්ථක නොවේ. ඒවා දිනෙන් දින දියුණු වීම සඳහා වාස්තු විද්‍යාත්මක හා ජ්‍යොතීර් විද්‍යාත්මක සංකල්ප අනුගමනය කළ යුතු වේ. බොහෝ දෙනා වෙළඳ ව්‍යාපාර ඇරඹීමට නැකැත් බලති. සුභ නැකැතකින් ආරම්භ කළත් ඇතැම් ව්‍යාපාර කෙටි කලකින් අභාවයට යයි. එවිට වරද එන්නේ නැකත බැලූ අයට ය. මෙහි දී නැකැත බැලූ අයගේ වරදක් නැත. නැකත සුබ වූ පමණින්ම වෙළඳ ව්‍යාපාර දියුණු වන්නේ නැත. ඒ සඳහා තවත් කරුණු කිහිපයක් බලපායි. ඉන් පළමු වැන්න වෙළඳ ව්‍යාපාරය අරඹන භූමියේ හෝ ගොඩනැගිල්ලේ වර්ගඵලය ඔබේ උපන් නැකතට අනුව ගැළපිය යුතු ය. දෙවැන්න ඔබේ වෙළඳ ව්‍යාපාරය සඳහා යොදනු ලබන ව්‍යාපාර නාමය ඔබේ උපන් නැකත හා ගැළපිය යුතු වීමයි. තෙවැන්න ඔබේ වෙළඳ ව්‍යාපාරයේ නාම පුවරුව හෝ ප්රචාරක පුවරුවට අදාළ වර්ගඵලය ඔබේ නැකත හා සැසඳීමයි.තවත් බොහෝ කරුණු ඇත. මේ කාරණා සියල්ල සඵල වූ කල ඔබට යහපත් දශාවක් ලබා තිබෙන මොහොතක වෙළඳ ව්‍යාපාර ආදිය ඇරඹීමෙන් නොසිතූ දියුණුවක් උදාවන බව ශාස්ත්‍රීය නියමය වේ.
ඔබේ අගනා වෙළඳ ව්‍යාපාරය ඇරඹීමට අප ආයතනයෙන් සුභ නැකත් ලබා ගැන්නේ නම් පහත සඳහන් තොරතුරු අපට අවශ්‍යය වේ.
*ඔබේ උපන් වර්ෂය, මාසය, දිනය හා උපන් වේලාව සහ ප්‍රදේශය
*හවුල් ව්‍යාපාර නම් හවුල්කරුවන්ට අදාළව ඉහත තොරතුරු අවශ්‍යය වේ
*අරඹන වෙළඳ ව්‍යාපාරය කුමක්ද? යන වග
ගාස්තු රු. 2000.00