විවාහ නැකැත් ඔබට වැදගත් වන්නේ ඇයි?
විවාහය යනු ජීවිත අරඹේ සොදුරු සංධිස්ථානයකි. එසේ නමුදු මෙකී විවාහය අදුරු අගාධයක් බවට පත් වන අවස්ථාද නැත්තේ නොවේ. මනුෂ්‍ය ජීවිතයේ මුලික කඩඉම් තුනක් දක්නා ලැබේ. එය උපත, ජීවිතයේ දෙවෙනි උපත හෙවත් විවාහය හා මරණය ලෙස දැක්වේ. කෙනෙකුගේ උපතත් මරණයත් කිසිසේත් පාලනය කළ නොහැකි ධර්මතා දෙකකි. පාලනය කල හැකි එකම සාධකය වන්නේ විවාහයයි. වාසනාවන්ත විවාහ ජීවිතයක් ගෙවීම සදහා ජ්‍යෝතිෂයත් නැකත් බැලීමත් අත්‍යාවශ්‍ය බව අවධාරණයෙන් යුතුව දන්වා සිටින්නේ එහි ගැඹුරු විද්‍යාත්මක හරයක් පවතින නිසාවෙනි. එම නිසාම විවාහ නැකත් අප ඉතා ප්‍රවේසමෙන් සාදා ගත යුතු වේ. විවාහ නැකත් යනු ඔබේ යුග දිවියේ ආයුෂ තීරණය කරන ප්‍රධාන සාධකයයි. මේ නිසා ඔබේ විවාහයට අවශ්‍ය සියලු ම නැකත්, පොරොන්දම් පරීක්ෂාවේ සිට විද්‍යානුකූල පදනමක් මත නිරවද්‍ය හා විශ්වසනීය භාවයෙන් යුක්තව අප විසින් සකස් කරනු ලැබේ. මේ සඳහා ඔබෙන් අපට පහත සඳහන් තොරතුරු අවශ්‍යය වේ.
- විවාහ වීමට අවශ්‍යය වර්ෂය ඇතුඵ ආසන්න කාල පරාසය
- විවාහය සිදු කරන දළ සැළැස්ම.
- විවහාපේක්ෂිතයන්ගේ (මනාළයා සහ මනාළියගේ)
- උපන් වර්ෂය, මාසය, දිනය හ වේලාව
- උපන් ප්‍රදේශය
අංග සම්පුර්ණ විවාහ චාරිත්‍ර සහිත නැකත් සීට්ටුවක් සඳහා ගාස්තුව රු. 5000.00